අපගේ නව වෙබ් අඩවියට සාදරයෙන් පිලි ගනිමු. මෙම අඩවිය දැනට FILEnetworks Blog යනුවෙන් පලවෙන ඉංග්‍රීසි බ්ලොගයේ සිංහල සංස්කරණයකි. FILEnetworks Blog ජාලගතව පැවති අවුරුදු 3+ ඇතුලත අමුත්තන් මිලියන 10 කට අසන්න ප්‍රමාණයක් අපගේ අඩවියට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවෙන් පිටත ඉමහත් ප්‍රසිද්ධියක් ලබා ගත්තත් එය ශ්‍රී ලංකාව තුල ලබා ඇති ජනප්‍රියත්වය අල්පය. අපගේ වෑයම මෙම අඩවිය ශ්‍රී ලාංකීය පාඨකයා වෙතත් අපටම ආවේනික ආකාරයකට රැගෙන යාමයි.
අපගේ ප්‍රධාන වෙබ් අඩවිය මෙන්ම මෙයද තාක්ෂණික ලිපි සඳහාම වෙන් වූ බ්ලොගයක් වනු ඇත. මෙය තුලින් අප BitTorrent, Private Torrent Trackers, Direct Download Link Forums මෙන්ම නව මෘදුකාංග ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල සියලු පුවත් මෙහි පල කිරීමට අපි බලාපොරොත්තු වෙමු. තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින මෙම අඩවිය ගැන ඔබගේ සියලු අදහස්, යෝජනා සහ චෝදනා filenetworks@gmail .com ලිපිනයට යොමු කරන මෙන් ඉල්ලමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment